“ගෝඨාගෝගම” විරෝධතාකරු රැට්ටාට ඇප…

ශ්‍රී ලාංකික යූ ටියුබ් කරුවෙකු වන රතිදු සුරම්‍ය නොහොත් රට්ටා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී රැස්වීම් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රට්ටා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පොලිස් ස්ථානයට පැමිණි රට්ටා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැරිණි.

අද දින 50කට අධික කාලයක් අඛණ්ඩව පැවැත්වෙන කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහභාගි වූ ප්‍රධාන චරිතයක් ලෙස රට්ටා ප්‍රකටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *