ගෝඨාගම ක්‍රියාකාරීන් 9 දෙනෙකු සැකකරුවන් ලෙස පොලිසිය අධිකරණයට නම් කරයි : අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

පසුගිය දා පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති නඩු කිහිපයක ප්‍රධාන ගෝඨාගම ක්‍රියාකාරීන් 9 දෙනෙකු සැකකරුවන් ලෙස පොලිසිය නම් කර තිබෙනවා.

ජුනි 9 වැනිදා කොටුවේ පැවති විරෝධතාවයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

අවිශිබම කැදවුම්කරු වසන්ත මුදලිගේ, කලාකරුවන් වන රතිඳු සේනාරත්න (රත්ත), ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි යන අය සැකකරුවන් ලෙස නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *