ගොයම් කැපීම අටක් රෝහලට යවයි

ගොයම් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියට ගොයම් කපන දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු  ගැටුමකින් අට දෙනකු තුවාල ලබා පුල්මුඩේ සහ ශ්‍රීපුර රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පුල්මුඩේ පොලිසිය පවසයි.

තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ පදවිය ශ්‍රීපුර පදිංචි සිවු දෙනකු සහ පුල්මඩේ පදිංචි සිවු දෙනකු බව පොලිසිය පවසයි.

පුල්මුඩේ ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සදහා පදවිය ශ්‍රී පුර ප්‍රදේශයෙන් පිරිසක් පුල්මුඩේ ප්‍රදේශයට පැමිණ සි‍ටියදී එම ප්‍රදේශයේ පිරිසක් ද ගොයම් කැපීමේ යන්ත්‍ර යොදාගෙන කුලියට ගොයම් කැපීමේ නිතරව සිට ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය වූ දින රාත්‍රියේ ශ්‍රීපුර ප්‍රදේශයේ සිට පැමිණ සිටි පුද්ගලයකු ඔවුන් ගොයම් කපන කුඹුරේ ගොයම් කැපූ බව කියමින් පුල්මුඩේ පදිංචිකරුවකු‍ට පහරදී ඇති බව පොලිසිය පවසයි.

පසුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීම සදහා පහර දුන් බව කියන පුද්ගලයා තාවකාලිකව පදිංචිව සිටින 10 කණුව, මීගස්වැව ප්‍රදේශයේ නිවෙසට ගිය අවස්ථාවේදී පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයාගේ කණ්ඩායමේ පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.

එහිදී පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු කරමින් සිටියදී දෙපිරිස එකිනෙකාට පහර දී ඇති බවත් පසුව පොලිසිය මැදිහත්වී එම ගැටුම සමථයකට පත්කළ බවත් පොලිසිය පවසයි.

එහිදී තුවාල ලැබූ දෙපිරිසේ 8 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *