ගෙවුණු ටයර් මාරු කරගන්න සහන කාලයක්

ධාවන තත්වයට නුසුදුසු ගෙවී ගිය ටයර් සහිතව ධාවනය කරන රථ වාහන රියදුරන්ට නව ටයර් රථ වාහන සදහා යෙදවීමට සහන කාලයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් ඊයේ (22) දිනයේ සිට ක්‍රියාත්මක කෙරුණා. ඒ පිළිඹදව වාහන හිමිකුරුවන්, බස් රථ සංගම් හා ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නිරත පාර්ශව රැසක විරෝධය පළවූ අතර ඔවුන් පවසා සිටියේ වෙළදපොල තුළ ටයර් හිඟයක් පැවන බවත්, ඒ ඒ රථ වාහනවලට සරිලන ටයර් වෙළදපොල තුළ නොමැති බවත්ය.

මේ සම්බන්ධයෙන් සමස්ථ ලංකා රියදුරු පාසැල් හිමියන්ගේ ජාතික සංගමය ඉල්ලා සිටියේ අවශ්‍ය ටයර් වෙළදපොලට නිකුත් කිරීමෙන් පසු මෙම නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *