ගුවන් ගමන් පුහුණු ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය…

මඩකලපුව ගුවන් තොටුපළේ ගුවන් ගමන් පුහුණු කිරීමේ ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2018 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මඩකලපුව ගුවන් තොටුපළ දේශීය ගුවන් සංචාර ගමනාන්තයක් ලෙස සංවර්ධනය කර ඇතත් ගොඩබෑමේ සහ වාහන නැවැත්වීමේ ගාස්තු රහිත බැවින් දැනට ගුවන්තොටුපළෙන් කිසිදු ආදායමක් උපයා නොගන්නා බව රජය පවසයි.

ඉහත කරුණ සලකා බැලීමේදී ගුවන් තොටුපල අවකාශය වෙනත් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීමට සුදුසු බව නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව මඩකලපුව ගුවන් තොටුපළේ ගුවන් ගමන් පුහුණු ඇකඩමියක් පිහිටුවීම සඳහා තරඟකාරී යෝජනා සඳහා ආරාධනා කිරීම සඳහා වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *