ගුවන්යානයක කොවිඩ් ආසාදිතයින් 125ක්

ඉතාලියේ මිලානෝ නගරයේ සිට ඉන්දියාවේ අම්රිත්සාර් නගරයට පැමිණි ගුවන්යානයක සිටි කොවිඩ් ආසාදිතයින් ගෙන් 13 දෙනෙක් පැනගොස් ඇතැයි වාර්තා වෙයි.

එම ගුවන්යානයේ ආසාදිතයින් 125 දෙනෙක් සිටි බවත් ඉන් 9 දෙනෙක් ගුවන්තොටුපොළේ දීත් අනෙක් සිව්දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගිය බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

පොලීසිය පැවසුවේ එම පුද්ගලයින් ව සොයා නඩු පවරන බවය.

එම ඉතාලි-ඉන්දියා ගුවන්යානයේ මගීන් 160 දෙනෙක් සිටි බවත් ඉන් 19 දෙනෙක් ළමුන් සහ බිළිඳුන් බවත් සඳහන් වුණි.

ඔවුන්ව කොවිඩ් පරීක්ෂා සඳහා ලක් නොකළ බව වාර්තා විය.

අද (07) ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 100,000ක් වාර්තා වී ඇති අතර විශේෂඥයින් පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් සීඝ්‍ර ලෙස වර්ධනය වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *