ගුරු විදුහල්පති ගැටළුව විසඳීමට තවත් සකච්ඡාවක්

ගුරු – විදුහල්පති ගැටලුව විසදීම සඳහා රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළ කළද එය ක්‍රියාවට නැංවීමේදි පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුකළ යුතු බව අමාත්‍ය ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා පවසයි.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අතර සාකච්ජාවක් ඊයේ (29) පස්වරුවේ පැවැත්විය.

එම සාකච්ඡාව සඳහා බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණි ලොකුගේ සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් සහභාගී වී තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වැටපු ගැටලුව විසඳීම සඳහා වසරකට රුපියල් බිලියන 56ක පමණ අවශ්‍යතාවක් පවතින බවය.

සාකච්ඡවෙන් අනතුරුව අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, එම සාකච්ඡාවේදි සිය ගැටලුව පිළිබඳ අමාත්‍යවරුන්ට නිසි අවබෝධයක් ලබාදීමට හැකි බු බවය.

කෙසේවුවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසන්නේ ලබන අඟහරුවාදා සිය ගැටලුවට ලබාදෙන විසඳුම ප්‍රකාශයට පත්කරන තුරු වර්ජන ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බවය.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් මේ වන විටත් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අදාළ සාකච්ඡවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *