ගුරු විදුහල්පති ගැටළුවට අගමැතිගේ මුලසුනින් සාකච්ඡා

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

ගුරු වැටුප් විෂමතාව මුල්කර ගනිමින් සියලු ගුරුවරුන් මේ වනවිට ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවී සිටී.

කෙසේවෙතත් මෙම වැටුප් විෂමතාවය සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *