ගිනි පෑගීමේ උත්සවයකට සහභාගී වීමෙන් පසු කාන්තාවක් මිය යයි

ආමර් වීදිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වාර්ෂික මංගල්‍යය අතරතුර පැවති ගිනි සිළුවකට සහභාගී වීමෙන් අනතුරුව 26 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, සිද්ධියෙන් එක්දරු මවකගේ පාදවලට පිළිස්සුම් තුවාල ලබා මිය ගොස් ඇති බව ය.

මෙම කාන්තාව කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි දැරියකගේ මවක් බවට හඳුනාගෙන ඇත.

පසුගිය සිකුරාදා (14) විහාරස්ථානයේ ගිනිමැලවීමේ උත්සවය පවත්වා ඇති බව පවසන පොලිසිය, පිළිස්සුණු පාදවලට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම හේතුවෙන් රෝගාතුර වී මෙම කාන්තාව මියගොස් ඇති බව සඳහන් කළේය.

එම කාන්තාව පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අපොහොසත් වූ බවත්, අඟහරුවාදා (18) සිය නිවසේ සිටියදී හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුහු පැවසූහ.

කෙසේ වෙතත් ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *