ගිනි අවි බලපත්‍ර ලාභී සියලුම දෙනාට දැනුම් දීමක් නිකුත් කරයි.

පුද්ගලයන් සහ ආයතන සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීමේ කාල සීමාව ආරක්ෂක අමාත්‍යාංශය (MOD) අද ප්‍රකාශයට පත් කළේය.

පුද්ගලික ගිනි අවි ළඟ තබාගෙන සිටින හෝ පෞද්ගලික ආරක්ෂක ආයතන යටතේ ගිනි අවි ඇති අයට 2022 ඔක්තෝබර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ බලපත්‍ර අලුත් කළ හැකි බව අමාත්‍යාංශය පවසයි.

දෙසැම්බර් 31 වැනිදායින් පසු ගිනි අවි බලපත්‍ර අලුත් නොකරන බව ප්‍රකාශ කළ අමාත්‍යාංශය, වලංගු බලපත්‍රයක් නොමැති අයට ගිනි අවි ආඥාපනතේ 22 වැනි වගන්තියට අනුව දඬුවම් කරන බවට අනතුරු අඟවා තිබේ.

ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සඳහා වන අයදුම්පත් එහි නිල වෙබ් අඩවිය වන http://www.defence.lk වෙතින් ලබා ගත හැකි බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *