වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය දෙමටගොඩ ඇන්ටන් රාජ් නැමැත්තාගේ ඥාතී සහෝදරයකු සහ ව්‍යාපාරිකයකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 12 ක් සමග බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 සහ 45 අතර වයස්වල පසුවන දෙදෙනකු බව පොලිසිය පවසයි.
මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සමග පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවෝ දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූහ.


