ගින්නෙන් නන්පෙරියල් වත්තේ අක්කර 500ක් වැනසේ

බලංගොඩ බෙලිහුල්ඔය නන්පෙරියල් රක්ෂියේ හටගෙන ඇති ගින්න හේතුවෙන් මෙිි වන විට දළ වශයෙන් අක්කර පන්සියයනට ආසන්න භුමිි ප්‍රමාණයක් විනාශ වි ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

මෙිි දිනවල පවතින වියලි කාලගුණය සහ තඳ සුළං හේතුවෙන් ගින්න රක්ෂිතය පුරා තවදුරටත් ව්‍යප්ත වෙමින් පවතී.

නන්පෙරියල් වතු යායයට අයත් ලදු කැලැ ප්‍රදේශයෙන් හටගත් එම ගින්න රක්ෂිතය දෙසට ව්‍යප්ත විම හේතුවෙන් මෙලෙස විශාල භුමි ප්‍රදේශයක් දක්වා එය පැතිර ගොස් තිබෙි. විශේෂයෙන්ම ඉහළ ජල පෝෂක ප්‍රදේශයක් වන නන්පෙරියල් කදු මුදුන වන සතුන් විශාල ප්‍රමානයක් ගැවෙසෙන ප්‍රදේශයක් බව පරිසර වෙිිදිහු පවසති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *