ගැරඩී ඇල්ල දියඇල්ලේදී 4ක් මරුට එක් අයෙක් අතුරුදන්

අද (29) එට්ටම්පිටිය, ගෙරණ්ඩි ඇල්ල ප්‍රදේශයේ දියනෑමට ගිය පුද්ගලයින් 4 දෙනෙකු දියේ ගිලී මිය ගොස් එක් අයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

මේ වන විට මළ සිරුරු 4ක් සොයාගෙන ඇති අතර, අතුරුදන් වූ අනෙක් සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මියගිය අය අතර කුඩා දරුවන් ද සිටින බව පොලිසිය පවසයි.

පුද්ගලයින් 11 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් දිය නාමින් සිටියදී ඔවුන්ගෙන් පස් දෙනෙකු එක්වරම දැඩි දිය පහරකට ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *