ගාලු පාරේ ප්‍රදේශ කිහිපයක් මුහුදු රළ පහරට හසු වෙයි.

ගාල්ල වෙරළ තීරය ඔස්සේ ගාලු පාරට මුහුදු රළ පහර එල්ල වෙමින් තිබේ.

මුහුදු රළ පිටාර ගැලීම හේතුවෙන් අම්බලන්ගොඩ – මාදම්පේ උස්මුදලාව හන්දියේ සිට දෙල්වත්ත දක්වා ගාලු පාර වසා තැබෙන බව පොලිසිය පවසනවා.

මේ අතර, පුත්තලම, කොළඹ, ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී.60-70 දක්වා ඉහළ යා හැකි බැවින් ඉදිරි පැය 24 තුළ ධීවර සහ නාවික කටයුතුවල නියැලෙන්නන්ට අවධානයෙන් සිටින ලෙස දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *