“ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව කෝ?” – ඩලස්

ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව පමා වීමෙන් මේ වන විට ග්‍රාම නිලධාරී සේවය අකර්මණ්‍ය වී ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

1960 වසරේ ඇරඹූ ග්‍රාම නිලධාරී සේවය රාජ්‍ය සේවය සඳහා ඉතා ඵලදායී කාර්යභාරයක් ඉටු කරන බව කී අලහප්පෙරුම මහතා වජිර අබේවර්ධන මහතා ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ව සිටින සමයේ ග්‍රාම  නිලධාරී සේවා ව්‍යවස්ථාව සකසන බවට පොරොන්දුවක් ලබා දුන්නත් මේ වන තෙක් එය ඉටු වී නැති බව කීය.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසූයේ ග්‍රාම  නිලධාරී සේවා ව්‍යවස්ථාවක් සැකසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ වැඩ කටයුතු සියයට අනූවක් අවසන් වී ඇතත් මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඒ සඳහා අවශ්‍යව තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *