ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කෙරේ

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ග්‍රාම නිලධාරීන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ග්‍රාම නිලධාරී සංගම් නියෝජිතයන්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න සහ අමාත්‍යාංශ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

සංගම් නියෝජිතයන් සඳහන් කළේ සාකච්ඡාව අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක දුරකථනය ඔස්සේ සම්බන්ධ වී, ඔවුන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ඉදිරි අයවැයේදී අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවට සහතික වූ බවයි.

ජනාධිපතිවරයා ලබාදුන් මෙම සහතිකය සැලකිල්ලට ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී සංගම් සඳහන් කළේය.

ඒ අනුව මෙම සතියේ සිට අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල සියලුම ග්‍රාම නිලධාරීන් සුපුරුදු පරිදි රාජකාරි සඳහා වාර්තා කරන බවද සංගම් නියෝජිතයන් තහවුරු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *