ගම්මන්පිල අමාත්‍යවරයා අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට තරම් මේ ඉන්ධන මිල වැඩි කිරීම කාරණයක් නොවේ – මෛත්‍රීපාල සිරිසේන

ඉන්ධන මිල ඉහළ නොදැමු ආණ්ඩුවක් රට තුළ නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද උදෑසන පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී තෙල් මිල සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“අපි ආපු ගමන් තෙල් මිල අඩු කරා. අපිට අන්තිම අවුරුද්දේ වැඩි කරන්න සිද්ධ වුණා. සූත්‍රය හැදුවා. සුත්‍රය උඩ තමයි එදා ඒ විදියට කටයුතු කෙරුණේ. සෑම ආණ්ඩුවක් ම මේ ඉන්ධන මිල පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා උදය ගම්මන්පිල අමාත්‍යවරයා අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට තරම් මේ ඉන්ධන මිල වැඩි කිරීම කාරණයක් නොවේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *