ගත වූ පැය 24ට නිරෝධායන රීති කැඩූ 1,198 දෙනෙක් අත්අඩංගුවට

ගතවු පැය 24 තුළ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 32,593කි.

අද දිනයේත් නිරෝධායන රීති උල්ලංඝනය කරන පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *