කෝට්ටේ නව ජයවීර මාවත ප්‍රදේශයේ පැවැත් වූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 30 සහ කාන්තාවන් 2 කු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20 ත් 35 ත් වයස්වල පසු වන පිරිසකි.
ඔවුන් සන්තකයේ තිබී හෑෂ්, අයිස් ඇතුළු හඳුනා නොගත් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදීණිය මහතා උපදෙස් පරිදි වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.


