කෝටි 4ක රන් බිස්කට් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් හාර කෝටි හතලිස් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 16ක් නීති විරෝධී ලෙස සගවා ගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී  අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි , නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙන ව්‍යාපාරිකයෙකි.

ඔහු ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද උදෑසන 06.05ට පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ තම සිරුරෙහි එල්ලා ගෙන යන පැති බෑගයක   ( Side Bag) සහ ගුවන් තොටුපොළ ගමන් මලු රැගෙන යාමට ඇති “ට්‍රොලි” කරත්තයක් යට අලවා ගෙන මෙම රත්තරන් බිස්කට් 08 බැගින් වූ පාර්සල් 02 ක් ලෙස සකස් කර, සගවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මේ වනවිට මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *