කෝටි 25කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම හේතුවෙන් කොළඹ ව්‍යාපාරික කාන්තාවක් රිමාන්ඩ්…

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට මුදල් වංචා කළ බවට කොළඹ නගරයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාපාරිකයාගෙන් රුපියල් මිලියන 226ක්, ඇමෙරිකානු ඩොලර් 60,000ක්, ඕස්ට්‍රේලියානු ඩොලර් 100,000ක් සහ රන් භාණ්ඩ මුල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තොම්බර් 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *