කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ යුවළක් කොටුවෙයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරාන් බාසික්ගේ නමැත්තෙකුගේ ප්‍රධාන ගෝලයෙකු සහ ඔහුගේ බිරිඳ  රුපියල් කෝටි 15 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

හෙරෝයින් කිලෝගෑම් 13 ක්, ,හෑෂ් කිලෝ ගෑම් 6 ක් කොකේන් ගෑම් 500 ක් සහ රුපියල් ලක්ෂ 15 ක මුදලක් ද අධි සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

කොළඹ සරසවියක් අසල කාමරයක්  කුලී පදනමක් මත ගෙන වසර දෙකක පමණ කාලයක සිට රැඳී සිට මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51 සැකකාරියක් සහ අවුරුදු 45 ක පන්නිපිටිය ප්‍රදේශයේ සැකකරුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *