කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ – අගමැති කියයි

කොළඹ වරාය නැෙගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් නොකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

අග්‍රාමාත්‍යවරයා පවසා සිටින්නේ නැගෙනහරි පර්යන්තය කිසිවෙකුට නොදෙන බවත්, විකිණීමක් හෝ බදු දීමක්ද සිදු නොකර ආණ්ඩුවේ පාලනය යටතේ පවත්වාගෙන යන බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් චෝදනා කිරීමට විපක්ෂයට ඇති දෙයක් නැතැයි අගමැතිවරයා පවසා සිටියි.

මේ පිළිඹදව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස පැහැදිලි කළේය.

“මේ සම්බන්ධව කිසිදු සාකච්ඡාවක් කර නොමැති බව බොහොම පැහැදිලිවම වෘත්තීය සමිතිවලට ප‍්‍රකාශ කරන්න ඕනි, ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගැටලූවක් ඇති වන්නේ නෑ. වෘත්තීය සමිතිවලටත් වැඩවර්ජනයක් කිරීමට දෙයක් නෑ, තමා හමුවූවා නම් මෙහි ඇත්ත පැහැදිලි කරදෙනවා, ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සිටින්නේ රටේ දේපළ විකිණීමේ පදනමක නොවේ. දේපළ විකිණීම තම ප‍්‍රතිපත්තිය නොවන බවත්, එය එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තියයි. ජනතාව තමන්ට බලය දී තිබෙන්නේ එජාප ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට නොවේ” යැයි අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *