කොළඹ-බදුල්ල සති අන්ත දුම්රියට සංචාරකයන්ගෙන් දැඩි ඉල්ලුමක්…

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සති අන්තයේ ධාවනය කරන 1041 විශේෂ සිඝ්‍රගාමි දුම්රියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක් පවතින බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

සති අන්තයේ අලුයම 5.30 ට ගමන් ආරම්භ කරන 1041 විශේෂ සිඝ්‍රගාමි දුම්රිය එදින පස්වරු 3.45 බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ළගා වනු ඇත.

එම දුම්රිය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශවල දුම්රිය ස්ථාන වල පමණක් නතර කරන අතර, හැටන් සිට බදුල්ල දක්වා පිහිටි දිය ඇලි සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන වල ගමන් ගන්නා මගින්ට එම ස්ථාන නැරඹිමට සහ ඡායාරුප ගැනිමට දුම්රිය විනාඩි 10 ක පමණ කාලයක් නතර කර තැබිමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.

එම දුම්රියට පළමු පන්තියේ මැදිරි දෙකක් , දෙවන පන්තියේ මැදිරි දෙකක් , තුන්වන පන්තියේ මැදිරි දෙකකින් සහ භෝජනාගාරයකින් සමන්විතය.

එම දුම්රියෙන් ගමන් කිරිමට ආසන කලින් වෙන් කරගත යුතු අතර, එසේ ආසන වෙන් කරගත් මගින් පමණක් දුම්රියෙන් ගමන් කරන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

සති අන්තයේ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන සිඝ්‍රගාමි දුම්රිය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් මගි ප්‍රවාහන දුම්රියන්ට කිසිදු බාධාවක් නොවන බව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරුන් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *