කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

හෙට රාත්‍රි 10 සිට අනිද්දා පස්වරු 4 දක්වා කාලය තුළ කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. එමෙන්ම කොළඹ 01, 11, 12 යන ප්‍රදේශවලට එම කාලසීමාව තුළදී අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කරන්නේ ජල කළමනාකරණ ව්‍යාපෘතියක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *