කොළඹ, ගම්පහ කොරෝනා රෝගීන් ගෙනයාමට කුඩා රෝහල් වල ගිලන් රථ ලබා ගැනේ

කොරෝනා ආසාදිතයින් රෝහල් කරා රැගෙන ඒමට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පිට පළාත්වලින් ගිලන් රථ ලබා ගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියි.

ඒ මහතා පවසා සිටින්නේ නිවෙස්වල සිට රෝහල් කරා සහ සුව වීමෙන් අනතුරුව රෝහල්වල සිට නිවෙස් බලා රෝගීන් රැගෙන යාමට ගිලන් රථ නොමැති වීමෙන් ප්‍රමාදයන් සිදු වන බවයි. එම ප්‍රමාදයට විසදුමක් ලෙස පිට පළාත්වල කුඩා රෝහල්වලින් ගිලන් රථ ගෙන්වා ගැනීමට තීරණය කළ බවයි ඒ මහතා පවසන්නේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මහ රෝහල්වලින් ගිලන් රථ ලබාගෙන ඇති බවත්, ඇතැම් කුඩා රෝහල්වල ගිලන් රථ භාවිත නොකර තැබෙන බැවින් එම ගිලන් රථ මේ සදහා යොදා ගැනීමට කටයුතු කළ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *