කොළඹට පැය 12ක ජල කප්පාදුවක්…

ඔක්තෝබර් 15 සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද ප්‍රකාශ කළේය.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සෙනසුරාදා රාත්‍රී 10.00 සිට ඔක්තෝබර් 16 ඉරිදා පෙරවරු 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම කාලය තුළ කොළඹ 2, 3, 4, 5, 7, 8, 9, සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුමට බාධා එල්ල වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *