කොළඹට තදාසන්න ප්‍රදේශ රැසකට පැය 20ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පොම්පාගාරයේ සිට කොළොන්නාව දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් අද (06) පෙරවරු 9.00 සිට හෙට අලුයම 5.00 දක්වා පැය 20 කාලයක් කොළඹ ආසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය / රාජගිරිය / මොරගස්මුල්ල / ඔබේසේකරපුර / බණ්ඩාරනායක පුර / නාවල / කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග වල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *