කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමේ අවසන් තීන්දුව විශේෂඥ උපදෙස් අනුවයි

කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීම පිළිඹදව අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටියි. අමාත්‍යවරිය මේ බව පවසා සිටියේ කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරීම කවදා කරන්නේද යන්න සම්බන්ධයෙන් සමඟි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් නැඟූ ප්‍රශ්නයකට ඊයේ (11) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමිනි.

එම අවස්ථාවේදී නැඟී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා සඳහන් පවසා සිටියේ කොවිඩ් ආසාදිත මෘත දේහ ආදාහනය සම්බන්ධයෙන් වන ස්ථාවරය අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇති බැවින් විශේෂඥ කමිටුවේ අවසන් තීන්දුව තව දුරටත් අවශ්‍ය නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *