කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමට අදාළ ගැසට්ටුවක් ගහන්න – මරික්කාර් ඉල්ලයි

‘‘පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ලංකාවට ඇවිත් යනකන් විතරක් කොරෝනා මෘත දේහ භූමදානයට අවසර ලබා දීම ප‍්‍රකාශයකට පමණක් සීමා නොකොට, අදාළ තීරණය ගැසට් කොට අවසන් කරන්න’’ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසා සිටියි. ඒ මහතා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පවසා සිටියේය

‘‘පෙරේදා පාර්ලිමේන්තුවේදී වෛද්‍ය සුදර්ශනී ඇමැතිතුමිය ප‍්‍රකාශ කළා ජලයෙන් කොවිඞ් පැතිරෙන්නේ නෑ කියලා. අපි පසුගිය කාලයේ කිව්වා මුඛ ආවරණ පළඳිනවා කොවිඩ් හැදෙන නිසා. නමුත් පසුව මුඛ ආවරණ කවදාවත් පුච්චලා නැහැ කියලා. එය නිවාසවල කුණු සමග එළියට යනවා, එහිදී කොවිඩ් පැතිරෙන්නේ නෑ කියලා අපි කිව්වා. එම නිසා මම ඊයේ අග‍්‍රාමාත්‍යතුමාගෙන් අසා සිටියා ජලයෙන් පැතිරෙන්නේ නැත්නම් ඇයි භූමදානයට අවසර නොදෙන්නේ කියලා. අගමැතිතුමා පසුව නැගිටලා කිව්වා භූමදානයට අවසර දෙනවා කියලා. නිකම් මරණ භූමදානයට දැනුත් අවසර දෙනවා. සමහර අය මෙය පටලවන්න යනවා. එම නිසා පාර්ලිමේන්තු හැන්සාඞ් දෙපාර්තමේන්තුවට කථා කරමින් එය කපා හැරීම් කරන්න එපා කියලා දැනුම් දුන්නා” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *