කොවිඩ් මරණ 67ක්

තවත් කොවිඩ් මරණ 67ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,500 සීමාව ඉක්මවා ගියේය.

ඒ ඊයේ කොවිඩ් මරණ 67ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දින තහවුරු කිරීමත් සමගය.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4,508ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 67න් 31 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 36දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *