කොවිඩ් මරණ 62ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 62ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඉන් මරණ 07 මැයි මස 08 වනදා සිට මැයි මස 31 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති අනෙක් මරණ 55 ජුනි මස 01 වනදා සිට ජුනි මස 10 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කළේය.

එහෙත් ඊයේ දිනයේ කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,073 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ තහවුරු කරන ලද මරණ අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 27 දෙනෙකු වේ.

එම මරණ අතර වයස අවුරුදු 30ත් – 39ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු, අවුරුදු 40ත් – 49ත් අතර පුද්ගලයින් තිදෙනෙකු, අවුරුදු 50ත් – 59ත් අතර පුද්ගලයින් සිව් දෙනෙකු, අවුරුදු 60ත් – 69ත් අතර පුද්ගලයින් 13 දෙනෙකු, අවුරුදු 70ත් – 79ත් අතර පුද්ගලයින් 21 දෙනෙකු, අවුරුදු 80ත් – 89ත් අතර පුද්ගලයින් 17 දෙනෙකු සහ අවුරුදු 90ත් – 99ත් අතර පුද්ගලයින් දෙදෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් පුද්ගලයින් 13 දෙනෙකු නිවසේදී මියගොස්  ඇති බව වාර්තා වේ.

මරණ 05ක් රෝහල් ගත කරන අවස්ථාවේදී සිදුව ඇති අතර සෙසු මරණ 44 රෝහල් ගතව ප්‍රතිකාර ලබමින්  සිටියදී මියගොස් තිබේ.

කොවිඩ් නියුමෝනියා, කොවිඩ් නියුමෝනියාවත් සමග ඇති වූ සංකූලතා සහ කොවිඩ් වෛරසය ආසාදනයවීමත් සමග පැවැති නිදන්ගත රෝග උස්සන්නවීම එම සියලු මරණවලට හේතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් පානදුර, මොරටුව, අලුබෝමුල්ල, ගෝනවල, ගෝවින්න, මහනුවර, ගාල්ල, තිඹිරිගස්කටුව, කොච්චිකඩේ, මීගමුව, සන්දිවෙලි, බලංගොඩ, නින්දවූර් 10, සරන්තුරෙයි, පතන, බදුරලිය, වලල්ලාවිට, බෝඹුවල, වස්කඩුව, මහගම, කළුතර, දොඩංගොඩ, මැල්සිරිපුර, අඹකොටේ, කුරුණෑගල, පනාගමුව, මදුරාගොඩ, මේරහවත්ත, කින්නියා, කාත්තාන්කුඩි 4, එරාවුර් 1, කාත්තාන්කුඩි 3, රත්තොට, මොනරාගල, අනුරාධපුර, මතුගම, කොටිකාවත්ත, නාගොල්ලාගම, කොළඹ 12, කඩුගන්නාව, ගම්පොළ, සීදුව, හෙම්මාතගම, පිටිගල, නියාගම, කරන්දෙනිය, කහදුව යන ප්‍රදේශවලින් වාර්තා වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *