කොවිඩ් මරණ 42ක්

අද දිනය තුළ කොවිඩ් මරණ 42ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,959ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (21) සිදුව ඇති එම කොවිඩ් මරණ 42න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 25දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගිය පුද්ගලයින්ගෙන් එක් කාන්තාවක් අවුරුදු 30 ට අඩු වන අතර, අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 06දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙසු පුද්ගලයින් 35දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *