කොවිඩ් ගැන ජනතා අවදානය අඩුවෙලා – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින පසුබිමක පවතින අවදානනම සම්බන්ධයෙන් ජනතා අවදානය අඩුවෙමින් තිබෙන බවත්, කොවිඩ් රෝගීන් වැඩිවීමට එයද බලපා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ විධායක සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පවසා සිටියේ කොළඹදී ඊයේ (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම තත්වය බරපතළ ගැටලුවක් බවත් එන්නත ලබා දුන්නත් නොදුන්නත් මූලික සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වන බවත් වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

එමෙන්ම PCR පරීක්ෂණ උපරිම ධාරිතාවකට පැමිණ තිබෙන පසුබිමක දත්ත ලැබීමේ ප්‍රමාදය තවදුරටත් පවතින බවත්, එම ප්‍රමාදය හරහා රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීම සහ නිරෝධායනය සඳහා යොමුකිරීමේ කටයුතු අඩපණ වීම ඉතාමත් බරපතළ කාරණයක් බවත් වෛද්‍ය කොළඹගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *