පාසල්

කොවිඩ් ආසාධිතයින් ඉහළයාම නිසා යාපනයේ සියලු පාසල් හෙට සිට වැසෙයි

යාපනය මහනගර සභා සීමාව හා යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශය පුරා කොවිඩ් රෝගීන් වාර්තාවීම ඉහළ අගයක් ගැනීම හේතුවෙන් යාපනය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පවතින පාසල් හෙට (29) දිනයේ සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. අද (28) පැවැත්වු යාපනය දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව විසින් මෙම තීරණය ගත් බවයි යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනන්නේ.

උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීශ්වරන් සඳහන් කර සිටින්නේ යාපනය දිස්ත්‍රික්කය තුළින් පමණක් ඊයේ (27) දිනයේ කොවිඩ් වෛරස් ආසාදිතයින් 143 දෙනෙකු වාර්තා වු බවයි. එමෙන්ම පවතින සෞඛ්‍ය අවධානම් තත්වය සැළකිල්ලට ගෙන යාපනය නගරයේ කොටසක් හා යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේ ගම්මානයකට සංචරණ සීමා පනවා ඇති බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *