කොරෝනා මෘතදේහ 9ක් අද දිනයේත් භූමදානය කෙරේ

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා තෝරා ගත් මඩකලපුවේ ඕට්ටමාවඩි – සූඩුපත්තිනසේනයි ප්‍රදේශයේදී ඊයේ (05) දිනයේ කොවිඩ් ආසාදිත මෘතදේහ 9ක් භූමදානය කළ බවත්, අද දිනයේ තවත් මෘත දේහ 9ක් භූමදානය කරන බවත් මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නාගලිංගම් මයුරන් මහතා පවසනවා.

මෙම ප්‍රදේශයට අමතරව, අම්පාර – ඉරක්කාමන් ප්‍රදේශයද කොරෝනා මරණ භූමදාන කටයුතු සඳහා තෝරා ගෙන තිබෙනවා.

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීමට මීට පෙර ඉරණතිව් දූපත තොරාගැණුනු අතර එහි වැසියන් පසුගිය දින දෙක තුළ ඊට විරෝධය පළ කළා. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ ඉරණතිවු දූපතේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති හෙයින් ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධයට යහපත් ප්‍රතිචාරයක් අනිද්දාට පෙර ලබාදිය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *