කොත්මලේ හරහා ගමන් කිරීම සැහැල්ලු වාහන පමණයි

කොත්මලේ වේල්ල මතින් බරවාහනවලට ධාවනය කිසිම අයුරින් අවසරයක් නැතැයි මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා පැවසීය.

ප්‍රධාන මාර්ග අවහිර වී ඇති නිසා ජලාශ වේල්ල මගින් සැහැල්ලු  වාහන ධාවනය සඳහා  අවසර ලබා දී ඇති බවද ඔහු කීවේය.

ජලාශ වේල්ල මතින් බර වාහන ධාවනය කිරිම සම්පූර්ණයෙන්ම තහනම් අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් වන තෙක් සැහැල්ලු වාහන පමණක් ජලාශ වේල්ල මතින් ධාවනය කිරිමට අවසර දෙන බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේය.

කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම සම්බන්ධයෙන් මේ දිනවල පැතර යන කටකථා අසත්‍ය බවත්, විද්‍යාත්මක සහ දත්ත පදනම් කර ගනිමින් ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට කොත්මලේ ජලාශභාර ඉංජිනේරුවන් පියවර ගෙන ඇති බව ද අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.

කොත්මලේ ජලාශ වේල්ල නිරික්ෂණය කිරිමෙන් අනතුරුව කොත්මලේ මහවැලි සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ බැව් පැවසීය.

ඉදිරියෙදි කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට ප්‍රථම ජනතාව දැනුවත් කිරිමට දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව ස ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *