කෘෂිකර්ම ඇමතිට එරෙහිව විශ්වාසභංගයක්

පොහොර ගැටළුව විසඳීමට තවදුරටත් පියවර නොගතහොත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්ජේබී ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ලබන සතියේ රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර වහාම පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම රජය යටතේ ගොවීන් අසරණ වී ඇති බවත් ගොවීන්ට සහන ලබා දීමට රජයට නොහැකි බවත් අත්තනායක මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *