කුඩු – අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මුල්ලේරියාව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අංගොඩ මුල්ලේරියාව ප්‍රදේශයේ කළ වැටලීමකදී පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 510ක් සොයා ගෙන ඇතැයි වාර්තාවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඔවුන්ගෙන් දෙදෙනෙකු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු වශයෙන් හඳුනාගත් බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *