කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 37ක් බස්නාහිර පළාතේ – 28ක්ම කොළඹ රාජකාරියේ

මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 37 දෙනෙක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය රාජකාරියේ යෙදී සිටින බව පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත.

මෙම නිලධාරීන් අතරින් විසි අට දෙනකුම (28) කොළඹ පොලිස් බල ප‍්‍රදේශය තුළ රාජකාරි කරන බවද හෙළිවී තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පවසන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ සියලූ පොලිස් නිලධාරීන් මේ වන විට හඳුනාගෙන සිටින බවත් ඔවුන් විiාත්මක වෛi පරීක්‍ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බවත්ය.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ රාජකාරි කිරීම බලවත් ප‍්‍රශ්නයක් බවත් එම නිලධාරීන් හැකි ඉක්මනින් හ`දුනාගෙන ඔවුන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ ආකාරයට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින සෙසු පළාත්වල පොලිස් නිලධාරීන් සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *