කිරිපිටි සම්බන්ධයෙන් තවත් තීරණයක්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් සහ සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

දැනට වෙළෙඳපොළේ පවතින කිරිපිටි හිඟය පිළිබඳව මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

අදාළ සාකච්ඡාවෙන් පසු කිරිපිටි හිඟයට විසදුමකට එළඹෙන බව අමාත්‍යවරයා පවසන්නේ.

ආනයනික කිරිපිටි මෙන්ම දේශීය කිරිපිටි වල මිල ඉහළ නංවා ඇතත් තවමත් වෙළඳපොලේ ප්‍රමාණවත් තරම් කිරිපිටි නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *