කිතුණු සුරුවම් කිහිපයකට හානිකිරීම ගැන විශේෂ විමර්ශනයක්

මන්නාරම නගරයේ පිහිටා ඇති කිතුණු සුරුවම් කිහිපයකට හානි සිදුකිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මන්නාරම කොටුව සහ මන්නාරම බයල් වීදිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේව ප්‍රතිමා තුනකට ඊයේ අලුයම ගල් ප්‍රහාර එල්ලකර  තිබුණි.

දේව ප්‍රතිමාවල තිබූ වීදුරු ආවරණ එම ගල් ප්‍රහාරවලින් කැඩි ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ මීට දින කිහිපයකට පෙරද එම ප්‍රදේශයේ පිහිටි දේව ප්‍රතිමාවකට එලෙස පහරදීමක් සිදුකර තිබූ බවය.

ප්‍රහාර එල්ලකළ පිරිස් පළාගොස් තිබූ හෙයින් ඔවුන් පිළිබඳව කිසිදු සාක්ෂියන් සොයාගැනීමට නොහැකි වී ඇතිබව පොලීසිය පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භකර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ මෙවැනි දේ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවය.

අම්පාර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *