කැලණි, කළු, නිල්වලා, මහඔය, අත්තනගලු ඔයේ ජල මට්ටම අනතුරුදායක ලෙස ඉහළ යයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙම ධාරානිපාත වර්ෂාව ඇදහැලෙමින් පවතින අතර කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ, මහඔය සහ අත්තනගලු ඔයේ මිනුම් ස්ථාන කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස කැලණි ගඟේ මාපක ස්ථානවල (නාගලගම් වීදිය, හංවැල්ල සහ ග්ලෙන්කෝස්) ජල මට්ටම සුළු මට්ටමින් ඉහළ යමින් වෙනස් වෙමින් පවතී.

කළුගඟේ (මගුර, මිල්ලකන්ද) මැනුම් ස්ථානවල ජල මට්ටම් ඉහළ යමින් පවතින අතර සුළු ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. නිල්වලා ගඟේ පානදුගම මැනුම් මධ්‍යස්ථානයේ දී ජල මට්ටම ඉහළ යමින් පවතින අතර සුළු ගංවතුර මට්ටමේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත. මහඔය බඩල්ගම, ගිරිඋල්ල මැනුම් මධ්‍යස්ථානවල සහ අත්තනගලු ඔයේ දූනමලේ මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර සුළු ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරන ලදී.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

එසේම උතුරු සහ උතුරු-මැද පළාත්වල මෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල ප්‍රදේශ කිහිපයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවට දැනුම් දෙනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *