කැලණිවැලි කෝච්චි පාර රත්නපුරේට දිගු කරන්න අධ්‍යයනයක්

කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 අයවැය මඟින් දුම්රිය ප්‍රවාහන නවීකරණය යටතේ කාර්යක්ෂම දුම්රිය සේවාවන් සැපයීම සහ පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට අදියර වශයෙන් දීර්ඝ කිරීමට යෝජනා කරමින් ඊට අදාළ මූලික වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. පෙර පැවති දුම්රිය මාර්ගය ආශ්‍රිතවම එකී දුම්රිය මාර්ගය නැවත සකස් කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතුව ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස අදාළ ප්‍රසපාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ බලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *