කැබිනට් ප්‍රමාණය 25 දක්වා වැඩි කෙරේ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු නව රජයේ කැබිනට් මණ්ඩලය 25 දක්වා වැඩි කරමින් තවත් කැබිනට් අමාත්‍යවරුන් දස දෙනෙකු අද දිවුරුම් දීමට නියමිතයි. ඩේලි මිරර් ඉගෙන ගනී.

මේ වන විටත් කැබිනට් අමාත්‍යවරුන් 13 දෙනෙකු අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා අතින් දිවුරුම් දී තිබෙනවා.

ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) සහ ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) නව රජයට එක්වන බව ඩේලි මිරර් වෙත වාර්තා වේ.

අද පත් කිරීමට නියමිත අමාත්‍යවරුන් අතර ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද මහතා ද සිටී. ඊට අමතරව සීඩබ්ලිව්සී මහලේකම් ජීවන් තොණ්ඩමන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමෙන් පසු පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රීලනිපය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *