කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සිදුවන සයිබර් අපරාධවල වැඩිවීමක්

මෙරට සයිබර් අපරාධ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මීට පෙර වසරකට සයිබර් වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 2500ක් පමණ ලැබුණු බව ඔහු පැවසීය. නමුත් දැනට දිනකට පැමිණිලි 15-20ක් පමණ ලැබෙනවා.

බොහෝ අවස්ථාවලදී සයිබර් අපරාධවලට ගොදුරු වන්නේ කාන්තාවන්ය. විකෘති රූප යොදා ගනිමින් අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ නිර්මාණය කිරීම සහ ප්‍රචාරය කිරීම වසර 3ක සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවද ඔහු පැවසීය.

පරිගණක අනවසරයෙන් ඇතුළු වී දත්ත/තොරතුරු සොරකම් කරන්නන්ට නීතියෙන් වසර 7ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යළිත් අවධාරණය කළේ කිසියම් අයෙකු විදේශ රටක සිට සයිබර් අපරාධයක් සිදු කළත් වින්දිතයා ශ්‍රී ලංකාවේ සිටින්නේ නම් වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය ප්‍රතිපාදන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *