කාදිනල්තුමා අද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (28) වතිකානයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව කොළඹ අගරදගුරු පදවියේ ආරංචි මාර්ග පවසයි.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් රෝම වේලාවෙන් පෙරවරු 11ට හමුවීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සහ ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානියා සොයා ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පල්ලිය සිය අප්‍රසාදය පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *