ක්ලේමෝ බෝම්බ කවර හැදූ දෙදෙනෙකු අත්අඩංගුවට

කිලිනොච්චිය, නාච්චිකුඩා ප්‍රදේශයේදී ක්ලේමෝ බෝම්බ සඳහා භාවිත කරන කවර සකසන ලද ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය මගින් පසුගිය 8 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ යුද හමුදා බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුවය.

අබලන්වූ බෝට්ටු ෆයිබර් යොදා පිළිසකර කරන ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් එහිදී මෙලෙස ක්ලේමෝ කවර සාදා ඇති බවයි වාර්තාවෙයි.

ක්ලේමෝ කවර 12ක් සහ ක්ලෝමෝ බෝම්බ සඳහා යොදන පියන් 14ක් ද එහි තිබී සොයාගෙන තිබේ.

ඒවා මල්පෝච්චි ලෙස අලෙවි කිරීම සඳහා සැකසූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාස සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී  සැකකරුවන් පවසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු මුහුදු කොටි බළකායේ සාමාජිකයෙකුව සිට ඇති අතර,අනෙක් සැකකරු කොටි සංවිධානය සමඟ සෘජු ගනුදෙනුවක් පැවැත්වූ බව මෙතෙක් තහවුරු වී නොමැත.

කෙසේවෙතත් මෙහි තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් සොයාගැනීමට හැකි වී නොමැති අතර, කුමන අරමුණකින් ඒවා නිෂ්පාදනය කළේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *