ක්ලබ් වසන්ත ඝාතනයේ ටැටු ව්‍යාපාරිකයාට ඇප

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ පලවන  සැකකරු ලෙස නම්කර සිටි එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන බලපිටියගේ දුලාන් සංජුල නොහොත් ටැටූ මල්ලි නමැත්තා රුපියල්150,000ක  මුදල් ඇපයක් සහ 250,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා  දින නියෝග කලේය.

එසේම සැකකරුට විදෙස් ගමන් තහනමක් ද පැනවීය. එසේම එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුබල දීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තවත් සැකකරුවන් අදාළ ඇප කොන්දේසි මතම මුදාහැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *