කළු ගඟේ ගිලී දෙදෙනෙක් මරුට, දරුවෙක් අතුරුදන්

සිරිපාගම ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ කළු ගඟේ දිය නාමින් සිටි සිව්දෙනෙකු ජල පහරකට හසු වී ගසාගෙන ගොස් ඉන් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙක් අතුරුදන් ව තිබේ.

මෙම පිරිස ඊයේ (15) පස්වරුවේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදු ඇතිබව පොලීසිය පවසයි.

එහිදී එක් අයෙකු දිවි බේරාගෙන ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධියෙන් අතුරුදන් වී ඇත්තේ දස හැවිරිදි අගුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි.

මිය ගොස් ඇත්තේ 22 සහ 40 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි අය බව පොලීසිය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *